Thursday, February 12, 2026
Follow Us
පෝට් සිටි පනතට ආණ්ඩුව බදූර්දීන්ගේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය ගනි. හකීම්ලාත් විරුද්ධ නොවේ

ඊයේ (20) දිනයෙහිදී කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත සම්මත කරගැනීම සඳහා රජය රිෂාඩ් බදූර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ සහාය ලබාගෙන තිබිණි.

එසේ පනතට පක්ෂව ඡන්දය ලබාදී තිබුණේ අලි සබ්‍රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරුන් දෙදෙනා විසිනි.

එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද පනතට විරුද්ධව ඡන්ද ප්‍රකාර කර නොමැති බවත් වාර්තා විය.

(LNW)