Thursday, February 12, 2026
Follow Us
පෝට්සිටි පනත 2/3ක ජන්දයකින් සම්මත කර ගැනීමට බලාපොරොත්තුවයි - ඇමති උදය ගම්මන්පිල

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටයි ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇත්තේ.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල නෙත් නිවුස් වෙත කියා සිටියේ පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට තීරණය කර ඇතත් ඒ සදහා පක්‍ෂව තුනෙන් දෙකක ඡන්දයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

මේ අතර ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දමන ලෙසයි.

(Neth)