Sunday, June 28, 2026
Follow Us
රිෂාඩ් සහ ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට රැගෙන යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට රැගෙන විත් තිබෙන බව වාර්තා වී ඇත.

ඒ අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමටය.

ඊයේ (17) දිනයේ ප්‍රේමලාල් ජයසේකර සහ රිෂාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් පාර්ලිමේන්තු සභාවාර සඳහා සහභාගී විය හැකි බවට කථානායකවරයා විසින් දැනුම් දී තිබෙන බැවිණි.

(Aruna)