රට පූර්ණ වශයෙන් වසා දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් වන යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙන බව දේශපාලන ආරංචි පවසනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ එකගතාවය අනුව රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.
රටේ ආර්ථිකයට බලපෑමක් නොවන අයුරින් රට වසා දැමීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ඒ අනුව කෘෂිකාර්මික, ධීවර කටයුතු සහ අපනයන කර්මාන්ත වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටයි යෝජනා වී ඇත්තේ. සිල්ලර වෙළදසැල් සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට ද යෝජනා වී තිබෙනවා.
මේ අතර රට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පූර්ණ වශයෙන් හෝ සියයට 75 ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදුවුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවට ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනා.
ඒ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීයි. කෙසේවෙතත් රට තුළ ඇදිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සීමා පැනවීමට පමණක් අවස්ථාව ඇති බවත් එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.
(Neth)