ජූලි 15 දිනට යෙදෙන ලෝක තරුණ නිපුණතා දිනයට සමගාමීව කුරුණෑගල තාක්ෂණ විද්යාලය සහ වයඹ පළාතේ සියලු රාජ්ය හා පෞද්ගලික ආයතන එක්ව විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව,සියලු ආයතන ඒකාබද්ධව කුරුණැගල නගර තුළ පාගමනක්, පළාත් සභා ශ්රවණාගාරයෙදී AI තාක්ෂණය පිළිබඳ දේශනයක් හා සාකච්ඡාවක් , තාක්ෂණ විශ්වවිද්යාල භූමියේ ප්රදර්ශනාත්මක විවෘත දිනයක්(open day) වැනි වැඩසටහන් එදිනට පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජුලි 15 ලෝක තරුණ නිපුණතා දිනය ලෙස ප්රකාශයට පත් කර ඇති අතර තරුණ තරුණියන්, රැකියා හා ව්යවසායකත්වය සඳහා කුසලතාවලින් සන්නද්ධ කිරීමේ උපායමාර්ගික වැදගත්කම මෙන්ම ගෝලීය අභියෝගවලට මුහුණ දෙමින් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බල ගැන්වීම එහි අරමුණ වී ඇත.
ලෝක තරුණ නිපුණතා දිනය සමරමින් ලොව පුරා මෙන්ම ජාතික හා ප්රාදේශය මට්ටමින් විවිධ වැඩසටහන් සංවිධානය කෙරේ.