Saturday, July 12, 2025
Follow Us
ඉතිහාසයේ පළමුවරට ඉතාලියට ලෝක කුසලාන වරම්
2026, T20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉතාලිය සහ නෙදලන්තය සමත් විය.

ඉතාලිය, ලෝක කුසලාන ක්රිකට් තරගාවලියකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

නෙදර්ලන්තය සහ ඉතාලිය 2026, 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ, යුරෝපා සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියෙන්.
එහි අවසන් තරගයට එම කණ්ඩායම් දෙක තරග වැදුණා. නෙදර්ලන්තයේ පැවති අවසන් මහා තරගයේ මුළින් පළමුවෙන්ප න්දුවට පහර දුන් ඉතාලිය, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස් කළේය.
 
නෙදර්ලන්තය තරගය ජය ගත්තේ, පන්දුවාර 16 පන්දු දෙකකදී කඩුල්ලක් දැවී ලකුණු 135 ක් රැස් කරමින්.
 
තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව හිමි කර ගත් කණ්ඩායම් දෙකටම 2026 වසරේ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා. එම තරගාවලිය ඉන්දියාවේදී සහ ශ්රී ලංකාවේදී පැවැත්වීමටයි, නියමිතව ඇත්තේ. ඊට කණ්ඩායම් 20 ක් සහභාගී වීමට නියමිතයි.