ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අද (07) සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසි නිකුත් කර තිබේ.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.