Monday, July 07, 2025
Follow Us
අලින්ට ප්‍රතිකාර කිරීමට රෝහලක්
 වන අලීන්ට අසනිප වන විට ප්රතිකාර කිරිමේ සුදුසු ක්රමයක් නොමැති බැවින් ජංගම රෝහලක් හා ස්ථිර රෝහලක් ඉදිකිරිමට රජයේ අවධානය යොමුව ඇති බව පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා පැවසීය.

ඒ දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මාස තුනක පමණ කාලයක් දකුණු පස ඉදිරි පාදයේ ඇති තුවාලයක් හේතුවෙන් රැඳී සිටින අලියාගේ රෝග තත්ත්වය සොයා බැලීම සඳහා ඊයේ (06) කණ්ඩලම වැව් තාවුල්ලට පැමිණි අවස්ථාවේදීය.

 
එහිදි එම අලියාගේ රෝගි තත්ත්වය පිළිබඳව වෛද්යවරයා සමඟ සාකච්ඡා කළ අමාත්යවරයා මේ වන විට අලියාගේ තත්ත්වය සාමාන්ය අතට හැරෙමින් පවතින බවද පැවසීය.
 
දැනට බරපතල රෝගී තත්ත්වයේ මහව ප්රදේශයේ භාතිය නම් ඇතෙකුද සිටින බවත් මේ වන විට එම අලියාද යම් මට්ටමකට සුව වෙමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
යස හා සුමේධ යන ඇතුන් දෙදනෙකු ද මේ වනවිට ප්රතිකාර ලබමින් සිටින බවත් ඒ සඳහාද මැදිහත්වන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.