මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසියේ බුද්ධි අංශයේ සහය ඇතිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව සිදුකළ වැටලීමකින් නීති විරෝධී පොලිතීන් ලන්ච්ෂීට් කිලෝග්රෑම් 2,210ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ලන්ච්ෂීට් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පසුගිය දා ( ජූලි 02) වැටලීමෙන් මෙම ලන්ච්ෂීට් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය. ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර්මාන්තශාලා හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව ප්ලාස්ටික් මගින් සමස්ත සමාජයට ම සිදුවන ව්‍යසනය පිළිබඳ අවධානය යොමු කර නීති විරෝධී ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාමට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, මෙම නීතිවිරෝධී භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළෙඳාම් කිරීමෙන් වැළකී නීතිමය ගැටලු ඇතිවීමේ අවධානමෙන් වළකින ලෙසත්, සමාජ වගකීමක් ලෙස සළකා අදාළ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙසත්; මෙම සමස්ත ක්‍රියාවලියට සම්බන්ධ වන නිෂ්පාදකයන්ගෙන්, වෙළෙඳ ප්‍රජාවගෙන් සහ සමස්ත පාරිභෝගික ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.