Monday, July 07, 2025
Follow Us
පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්නපුර ඕපාත වතුයාය ව්‍යාපෘතිය ඇරඹේ
දැකුම්කළු දිවයිනක් සොම්නසින් පිරි ජනතාවක් බිහිකිරීම සඳහා වන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මලෛයගම් ප්රජාව නගා සිටුවීම සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්යංශය එහි පාර්ශවකරුවන් හා එක්ව ක්රියාත්මක කරනු ලබන “සොඳුරු නිවසක් - විකසිත පවුලක්” යන්න තේමාකරගත් පේලි නිවාස පිළිසකර කිරීමේ රත්නපුර දිස්ත්රික් ව්යාපෘතිය ඊයේ (06) ආරම්භ විය.

වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය ගරු සමන්ත විද්යරත්න මහතාගේ ප්රධානත්වයෙන් ඇරඹි මෙම වැඩසටහන කහවත්ත ඕපාත වත්ත කේන්ද්ර කරගෙන පැවැත්විණි.

ලංකාවේ දිස්ත්රික්ක 10 ක් ආවරණය වන පරිදි එනම් නුවරඑළිය, බදුල්ල, නුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතර, මොණරාගල හා ගාල්ල යන දිස්ත්රික්ක දහය ආවරණය වන පරිදි පේලි නිවාස 75 ක් මෙම ආරම්භක නියමු ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා තෝරාගෙන ඇත.
 
ඒ අනුව මෙම වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්රික්කයේ පේලි නිවාස 08 ක් පිළිසකර කිරීම සඳහා තෝරාගෙන ඇත.
 
මෙම වැඩසටහන යටතේ මෙම පේලි නිවාස පිරිසිදුකර තීන්ත ආලේප කර පිළිසකර කිරීම, දිරාගිය සෙවිලි තහඩු ඉවත්කර නව සෙවිලි තහඩු යෙදීම, ජලාපවහන පද්ධති ක්රමවත් කිරීම, එක් එක් නිවාස සඳහා අනන්ය ලිපිනයන් ලබාදීම, උප්පැන්න සහතික නොමැති හා විවාහ වී විවාහ සහතික නොමැති අය සඳහා එම සහතික සකසා ගැනීමට පහසුකම් සැපයීම ඇතුළු තවත් සේවාවන් රැසක්ම මෙම වැඩසටහන යටතේ ක්රියාත්කම කිරීමට සැලසුම් කර ඇත.
 
අක්බාර් බ්රදර්ස්, යුනිලිවර් ආයතනය, කොළඹ තේ වෙළදුන්ගේ සංගමය හා ශ්රී ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමය මෙම වැඩසටහන සඳහා මූල්ය අනුග්රහය ලබා දේ.
 
මෙම අවස්ථාවට වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප් මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, වැවිලි හා ප්රජා යටිතල පහසුකම් අමාත්යංශයේ ලේකම් ප්රභාත් චන්ද්රකීර්ති මහතා, රත්නපුර අතිරේක දිස්ත්රික් ලේකම් ගයානි අයි. කරුණාරත්න මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.