Monday, April 29, 2024
Follow Us
 පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු වනජීවි නියෝජ්‍ය ඇමතිවරයකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලි සර වැදීමෙන් මියගොස් තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ හිටපු මන්ත්‍රිවරයා නාගොඩ රෝහල වෙත ගෙන යාමෙන් පසු මියගොස් තිබේ. 1960 මැයි මස 03 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම ඉඩම් හිමියකු මෙන්ම වැවිලිකරුවකු විය. මියයන විට ඔහු 63 වැනි වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලකයකු වූ ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ලෙසත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලෙසත් කටයුතු කර ඇත.