Wednesday, May 15, 2024
Follow Us
පොලිස් නිලධාරීන්ගේ විනය පිළිබඳ කමිටු වාර්තාව පොලිස්පතිට භාර දෙයි

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසඳුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින්  පත් කරන ලදී.

ඒ අනුව එම කමිටුව විසින් යෝජනා කරන ලද විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පසුගියදා ( 26) කමිටු සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් පොලිස් මූලස්ථානයේදී පොලිස්පති වෙත පිළිගන්වන ලදී.