ජයිකා (JICA) ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අඛණ්ඩව සහාය වන බව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙහි (JICA) සභාපති ආචාර්ය තනාකා අකිහිතෝ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැති විශේෂ හමුවේදීය.
උග්‍ර ආර්ථික අර්බුදයකින් පසු ඉක්මන් ප්‍රකෘතිමත් වීම පිළිබඳව ජයිකා සභාපතිවරයා ලංකා රජයට ප්‍රශංසා කළ අතර රට දැන් ශීඝ්‍ර වර්ධනයක් කරා යමින් සිටින බව ද පැවසීය. "ගෝලීය වර්ධනය ආසියා ශාන්තිකර කලාපයට මාරු වී ඇති අතර මෙහි දී ශ්‍රී ලංකාව ලෝක ආර්ථික වර්ධනයේ ආකර්ෂණීය මධ්‍යස්ථානයක්" යැයි පැවසූ ඔහු ජයිකා ආයතනය මෙම ක්‍රියාවලියේ හවුල්කරුවෙකු ලෙස දිගටම කටයුතු කරන බව ද අවධාරණය කළේය.
1968 වසරේ (JICA) ජයිකා ශ්‍රී ලංකා ආධාර සංගමයේ සාමාජිකත්වය ලබා ගත් දා සිට දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආචාර්ය අකිහිතෝ මහතාට ස්තූතිය පළ කළේය. ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණයේ ගොවීන් සහ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා නව ව්‍යාපෘති පිළිබඳ සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා ජයිකා ආයතනයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ රෝහල්වල සූර්ය බලශක්ති ඒකක පිහිටුවීම ඇතුළත් නව පුනර්ජනනීය බලශක්ති වැඩසටහනක් සඳහා JICA ප්‍රදානයක් ලබා දෙන බව ආචාර්ය අකිහිතෝ පැවසීය. ජයිකා ආයතනය විසින් අනුරාධපුරයේ ආරක්ෂිත ජල සම්පාදන ව්‍යාපෘතිය අවසන් කර ඇති බවත් එහි සමාරම්භක උත්සවයට පුරාණ අගනුවරදී සහභාගි වන බවත් සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, අපිරිසිදු ජලය හේතුවෙන් වකුගඩු රෝගයට ගොදුරු වූ දිස්ත්‍රික්කයක් වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙමගින් ඉමහත් සහනයක් සැලසෙන බව ප්‍රකාශ කළේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නේ රටට වැඩි සංචාරක පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාව වැදගත් ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට එය උපකාරී වන බැවිනි. ජයිකා ආයතනය රට පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. යටිතල පහසුකම් සංවර්ධනය, සමාජ සේවා පුළුල් කිරීම, මානව සම්පත් සහ ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීම, ආපදා කළමනාකරණය සහ දේශගුණික විපර්යාස යන අංශ ඊට ඇතුළත් වේ.
ඉදිරි ආධාර වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම සඳහා සංවර්ධන අවශ්‍යතා සොයා බැලීම සඳහා ජයිකා ආයතනයේ සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙයි. කෘෂිකාර්මික හා ග්‍රාමීය කර්මාන්ත නඟා සිටුවීම, ග්‍රාමීය ප්‍රජාවන් සංවර්ධනය කිරීම සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්බන්ධ සමාජ සේවා පුළුල් කිරීම සඳහා සහාය සැපයීමට ජයිකා ආයතනය අවධානය යොමු කරන බවත් ශ්‍රී ලංකාවට අඛණ්ඩ ව ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමට සහතික වන බවත් ජයිකා සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (International Centre for Genetic Engineering and Biotecnology ) නිරීක්‍ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමයන්ත මහතා එක්විය.
Power and Energy Minister Kanchana Wijesekera this week revealed that discussions were held with the Indian Oil Corporation (IOC) regarding a proposed multi-product oil pipeline connecting Nagapattnam, Trincomalee Tank Farm, and Colombo.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් නව්‍යා සිංග්ලා (Navya Singla) මහත්මිය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න මහතා අතර හමුවක් අද (15) පැවැත්විණ.
වර්තමානයේ ඉරානය තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන් විශාල ප්‍රගතියක් ළඟා කර ගෙන සිටින බවත් එම තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා පවසයි.
High Commissioner of Sri Lanka to Pakistan Admiral (Retd) Ravindra C. Wijegunaratne attended the Expo – 3rd edition of the Engineering and Healthcare Show recently at the Expo Centre in Lahore.
කියුබානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කෙරුණු අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න( විශ්‍රාමික) විසින් කියුබානු ජනරජයේ ජනාධීපති Miguel Dias-Canel වෙත අක්තපත්‍ර භාර දීම පසුගියදා (13) කියුබාවේ හවානා නුවර පිහිටි විප්ලවීය මාලිගා පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.
ලොව විශාලතම හා වැඩිම ජාත්‍යන්තර ආකර්ෂණය දිනූ බ්‍රසීල සැණකෙළිය මේ වන විට රියෝද ජැනයිරෝ නුවර කේන්ද්‍ර කරමින් පැවැත්වෙන අතර, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව සැණකෙළියට එක්රොක් වන බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.
The US Ambassador Julie J. Chung called on Trade Minister Nalin Fernando yesterday.
හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මාලදිවයින් ආරක්‍ෂක ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් ඊයේ (8) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය මඟින් මෙරට රාජ්‍ය අංශයේ ධාරිතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළෙ ක්‍රියාවට නැංවේ.
ඉන්දීයානු ඛණිජ සහ ස්වභාවික වායු අමාත්‍යාංශයේ ආරධනාවකට අනුව දෙවන වරට පැවති ඉන්දීය බලශක්ති සතිය වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගිය පෙබරවාරි 6-7 දෙදින සහභාගී විය.
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස පුහුණු තරග 07කට සහභාගී වීමට අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.
පෙබරවාරි මස 9 වන දා සිට 10 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
Page 48 of 380