ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රධාන නගර 02 ක් තලෙයිබාන් සංවිධානයේ සාමාජිකයින් විසින් අත්පත් කරගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ නිරිතදිග පළාතේ ෆාරා නගරය සහ උතුරු පළාතේ බැග්ලාන්හි පුල්-ඊ-කුම්රි නගරයේ බලය එලෙස අත්පත් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරීම් සඳහා ඒ්කාබද්ධ සමාගමක් පිහිටුවා ඒහි කොටස් අයිතියෙන් 51%ක් අධානි සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය තීරණය කොට ඇති බව වාර්තා වේ. ඉතිරි කොටස්වලින් 15%ක් ශ්‍රී ලංකාවේ රජයට අයත්වන අතර කොටස් 35%ක් ජෝන් කීල්ස් සමාගමට හිමිවනු ඇත.
A leading WHO (World Health Organisation) expert said there is no risk at all for breastfeeding mothers to take COVID-19 vaccines to boost their immune system and that of their babies.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 15,000 ක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම 12.30 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
Sri Lanka has backed calls for countries to accept vaccine certifications when easing national entry regulations for the vaccinated.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය භුමියේ යෝට් යාත්‍රා ඉදිකිරීමේ අංගනයක් ඉදිකිරිම සඳහා Sea Horse Yachts (Pvt) Ltd සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සමග ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ඇමරිකාවේ දෛනික ආසාදිතයන්ගේ සාමාන්‍ය අගය ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇත.
www.dhakatribune.com: Social networking giant Facebook has paid Tk 2.44 crore (around $ 0.288 million or SLRs 56 million) in Value Added Tax (VAT) for the first time in Bangladesh, a month after its registration with the National Board of Revenue (NBR.)
Uncertainty remains over the next stock of Sputnik V vaccines which were scheduled to be delivered to Sri Lanka.
The United Arab Emirates (UAE) has resumed accepting travellers from Sri Lanka subject to conditions. Major UAE carriers Emirates and Etihad have announced entry requirements.
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ වීසා ඉකුත්ව ලෙබනනයේ රැඳී සිටින්නන් සඳහා වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ලෙබනනයේ නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක හා විදේශ අමාත්‍ය සීනාර් අකාස් මහත්මිය සමග සාකච්ඡා පවත්වා ඇත.ඉකුත් 3 වනදා සිදු වූ මෙම හමුවේදී ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව ආපසු සිය රටට ගෙන්වා ගැනිමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද තානාපතිවරිය ලෙබනන් රජයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පල කළාය.
A WHO (World Health Organisation) expert said people living with HIV had an increased risk for severe disease from Covid as well as hospitalisation and stressed the need to prioritise vaccination of them globally.
ගතවූ සතියක කාලය තුළ නිකුත් කෙරුණු දත්ත පරිදි ජනගහණයෙන් මිලියනයකට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ආසියාවෙන් 7 වන ස්ථානයටත් ලෝකයෙන්ම 27 වන ස්ථානයටත් පත්ව තිබේ.
දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා 2021 අගෝස්තු 03 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේදී හමු වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. බෞද්ධ වන්දනා වැඩසටහන් වැනි සංස්කෘතික හා ආගමික අංගවලින් සමන්විත මෙම සන්ධිස්ථාන සැමරුමේ දී, වඩාත් වැදගත් ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීම මඟින්, දෙරට අතර පවත්නා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත.
පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍ර පිළිගන්වයි
කොරෝනා අභියෝගය මැද ආරම්භ වූ ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත් වුණා. මෙවරත් පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගැනීමට සමත් වුණා.
අගෝස්තු 08 වැනිදා අළුයම සිට බලපැවැත්වෙන පරිදි මහා බ්‍රිතාන්‍යයට ඇතුළු වන පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කළ නීති සංශෝධනය කර තිබෙනවා. ලොවපුරා රටවල පවතින වසංගත තත්වය පිළිබඳව සලකා බලා මෙම සංශෝධන සිදුකර තිබේ.
Page 215 of 377