ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර අද දින (නොවැම්බර් 15) වන විට 'පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද දිනයේදී දිවයින පුරා අහස වළාකුලින් බරව පවතී.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
WEATHER FORECAST FOR 15 NOVEMBER 2026
Issued at 05.30 a.m. on 15 November 2026.
The low-pressure area located in the Bay of Bengal, to the east of Sri Lanka, was located approximately 600 km east of Trincomalee. The system is expected to move northwestwards, away from the eastern coast of the island and likely to intensify into a 'depression' by today (November 15).
Due to the influence of this system, cloudy skies will prevail over the entire island today.
Showers will occur at times in the Northern, North-central, and Eastern provinces.
Several spells of showers will occur in the Western and North-western provinces, and in the Galle and Matara districts.
Showers or thundershowers may occur at a few places in the other areas of the island during the evening or night.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa, Central and Uva provinces and in Galle, Matara and Kurunegala districts during the early hours of the morning.