Wednesday, February 11, 2026
Follow Us
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

විදේශ රටවලට නව තානාපතිවරුන් පත් කිරීම ආරම්භ කළ බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.නෝර්වේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඒ.එල්.ඒ. අසීස් ද, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා, ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊවා වනසුන්දරද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස මල්රාජ් ද සිල්වා ද පත්කර ඇත.

මෙම තානාපතිවරුන්ගේ නම් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමු කර තිබේ. පසුගිය රජය විසින් තානාපතිවරුන් ලෙස පත් කළ නිලධාරීන්ට එළැඹෙන 15 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත.

එම තානාපතිවරුන්ගෙන් බහුතරය දේශපාලන පත්වීම් බව ඇමැති දිනේෂ් ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළේය. මෙම තානාපතිවරුන්ගෙන් කිහිපදෙනකු ඉවත්වීම සඳහා තවත් කාලය අවශ්‍ය බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබුණත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

(Lanka Leads)