සෞඛ්‍ය පද්ධතියේ ප්‍රතිසංවිධානය පිළිබඳ සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ට පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇති "ආරෝග්‍යා" සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන නියමු ව්‍යාපෘතියේ 2026 වර්ෂය සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් සමාලෝචන රැස්වීම (Final Evaluation) 2026 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) හලාවත "නිලාවින්" (Nilawin) හෝටල් පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය සේවාව තුළ සිදු කෙරෙන ඕනෑම වෙනස්කමක් හෝ ප්රතිසංවිධානයක් සාර්ථක කර ගැනීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට මෙන්ම නිලධාරීන්ට මනා අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වන බවයි. පවතින දුර්වලතා මඟහරවා ගනිමින්, එකම අරමුණක් කරා ක්‍රියාත්මක වීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
රටේ ආර්ථික ප්‍රගතියට සහ සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනට සමාගාමීව, පුරවැසියාට සහ ඔහුගේ පවුලට බරක් නොවී ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම රජයේ මූලික අපේක්ෂාව බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ තෘතීයික රෝහල් පද්ධතිය නවීන උපකරණවලින් සන්නද්ධ කරමින්, ක්ෂේත්රය පිළිබඳ අවබෝධයෙන් යුත් කණ්ඩායමක් ලෙස ඉදිරි වසර කිහිපය තුළ සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
නොවැම්බර් 7 සහ 8 යන දෙදින පුරා පැවැති මෙම සමාලෝචන සභාවේදී, ආරෝග්‍යා තොරතුරු තාක්ෂණ පද්ධති (Arogya Point-of-Care & Digital Infrastructure), ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන්, මානව සම්පත් කළමනාකරණය, ප්‍රමිතියෙන් යුත් සත්කාරක සේවා (Standard Care Packages) සහ ව්‍යාපෘතියේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා සහ ඇගයීම් සිදු කෙරිණි.
සර්වක සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage) සාක්ෂාත් කර ගැනීම උදෙසා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ජනතාවට වඩාත් සමීප කරවීම සහ එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
රටක ආර්ථිකය ස්ථාවර කර ගැනීම සහ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම සඳහා සෞඛ්‍ය අංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවත්, ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමේ දී ඩොලර් බිලියන 200 ක පමණ දළ ජාතික නිෂ්පාදිතයක් (GDP) සහිත රටක් බවට පත්විය යුතු බවත්, ආර්ථික සංවර්ධනය කරා යන ගමනේදී, පුරවැසියාට සහ ඔවුන්ගේ පවුල්වලට සෞඛ්‍ය වෙනුවෙන් දැරීමට සිදුවන මූල්‍යමය බර අවම කර, ඔවුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
තෘතීයික රෝහල් රෝහල් ප්‍රමාණයට අවශ්‍ය කරන උපරිම පහසුකම්, කාර්ය මණ්ඩලය, නවීන පහසුකම්, තාක්ෂණය සියල්ලම ලබා දී පවතින තෘතීයික මට්ටම ඉහළට ඔසවා තැබීමට කටයුතු කරන බවත්, මෙම වසර අවසන් වීමට පෙර සියලු තෘතීයික රෝහල් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමටපුළුවන්කම ලැබෙන බව ද පැවසූ අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාව ලෝකයෙන් අත්දැකීම් ලබාගෙන ඇති බවත්, අත්දැකීම් ලෝකයට ලබාදී තිබෙන බවත් අපට තවත් සාර්ථක මොඩල් (Model) එකක් ලෝකයට හඳුන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ප්‍රාථමික සත්කාරක සේවා අධ්යක්ෂ වෛද්‍ය W.K.W.S. කුමාරවංශ, අතිරේක ලේකම් (පාලන) ජනක කිත්සිරි ගුණවර්ධන, අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච්. ගමගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමින්දි සමරකෝන් යන මහත්ම මහත්මීන් ද මෙහිදී "ආරෝග්‍යා" සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ජනක කිත්සිරි ගුණවර්ධන, අතිරේක ලේකම් (ඉංජිනේරු) වෛද්‍ය සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා II) වෛද්‍ය සමින්දි සමරකෝන්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය විද්‍යා කුමාරපේලි, ප්‍රාථමික සත්කාරක සේවා අධ්යක්ෂ වෛද්‍ය W.K.W.S. කුමාරවංශ යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් ඇතුළු නිලධාරීන් මෙන්ම දිවයින පුරා විසිරී සිටින ආරෝග්‍යා මධ්‍යස්ථානවල වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.