Sunday, November 08, 2026
Follow Us
අද ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැක.
 
උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට උදැසන කාලයේදීත් වැසි ඇතිවිය හැක.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්ව ඉල්ලා සිටිනු ලැබේ.
 
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.