Tuesday, September 15, 2026
Follow Us
ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි
ශ්රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
මෙම ප්රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
 
දිවයිනේ සෙසු ප්රදේශ වල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
 
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.