Tuesday, March 10, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
උතුරු පළාතේත් ත්රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයිනේ අනෙකුත් ප්රදේශවල ප්රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, මධ්යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.