Monday, March 09, 2026
Follow Us
අගමැතිනිය පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව යයි

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මාර්තු 8 වන දින මධ්‍යම රාත්‍රියේ පිලිපීනයේ මැනිලා නුවර නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර එහිදී ඇය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වනු ඇත.

මැනිලා හි Ninoy Aquino ජාත්‍යන්තර ගුවන්තොටුපළට (NAIA) පැමිණි අග්‍රාමාත්‍යවරිය පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය චානක තල්පහේවා මහතා ඇතුළු පිලිපීන රජයේ නිලධාරීන් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් විසින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය මැනිලා හි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත ය.

කාන්තා දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර හරහා සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.