ශ්‍රී ලංකාවේ සිට රෝමය බලා පිටත්වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල් 1213 ගුවන් යානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ යූ.එල් 1213 ගුවන් යානය ඊයේ (09) රෝමය බලා පිටත් වූයේ, යුරෝපයෙන් සහ ඉන් ඔබ්බට, මැදපෙරදිග හරහා ගමන් කිරීමට සැලැසුම් කර තිබූ හා ටිකට් පත් වෙන්කරවා ගෙන සිටි මගීන් හට, ඍජුව රෝමය බලා ගමන් කිරීමට හැකිවන පරිදි සහ යුරෝපය ආශ්‍රීතව රැඳී සිටින සංචාරකයින් හා ශ්‍රී ලාංකික මගීන් මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණක් ඇතිව බවයි.
කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළ මෙම ගුවන් ගමන රෝමයේ කොටුවී සිටින අමාත්‍යවරයකු මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සිදුකළ සැලැස්මක් බවට වාර්තා වී තිබිණි.
