Monday, March 09, 2026
Follow Us
ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා මොජ්තබා කමේනි
අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ  පුතෙකු වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබෙන බව වාර්තා වෙයි.

1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ.

ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්යාපනය ලබා ඇතැයිද සඳහන්.
ඉරාන මාධ්ය වාර්තා හී සඳහන්ව ඇත්තේ අවුරුදු 17දී ඔහු ඉරාන - ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවය.
 
එමෙන්ම 1999 දී සිය ආගමික අධ්යනය කටයුතු සිදුකරගෙන යාම සඳහා ෂියා දේවධර්මයේ වැදගත් මධ්යස්ථානයක් ලෙස සැලකෙන ශුද්ධ නගරයක් වන කොම් වෙත ගොස් ඇති බව ද සඳහන් වේ.
 
පසුගිය 28 වැනි දින ඊශ්රායල - අමෙරිකා ප්රහාරයකින් ඔහුගේ පියා වන ඉරාන ආධ්යාත්මික නායක අයතුල්ල අලි කමේනි ඝාතනය කෙරිණි.