මෙරට 05 වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය 2026 හෙට (10) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
රට පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩවල අහඹු ලෙස තෝරා ගත් 10,000ක නියැදියක දත්ත එකතු කිරීම මෙමඟින් සිදු කරන අතර නොවැම්බර් මස දක්වා මෙම සමීක්ෂණය සිදු කරයි.
විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10කට වරක්වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර ඇත.