Monday, October 06, 2025
Follow Us
ගුරු දිනය අදයි

‘ඉගැ­න්වීම සහ­යෝගී වෘත්ති­යක් ලෙස නැවත සකස් කිරීම’ තේමා­වෙන් අපේ රට අද (06) ලෝක ගුරු දිනය සම­රයි.

ලෝක ගුරු දිනය (World Teachers’ Day) යනු ගුරු­ව­රුන්ගේ අගනා මෙහෙය සම­රන ජාත්‍ය­න්තර දින­යකි. මේ දිනය ප්‍රකා­ශ­යට පත් කළේ එක්සත් ජාතීන්ගේ අධ්‍යා­ප­නික, විද්‍යා­ත්මක හා සංස්කෘ­තික සංවි­ධා­නය (UNESCO) විසිනි. ඒ අනුව ඔක්තෝබර් මස 05 වැනිදා ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇති අතර, සම­හර රට­වල් තම රටට අදාළ වෙනත් විශේෂ දින­වල ගුරු දිනය සම­රයි.

1994 වසරේ සිට මෙය නිල වශ­යෙන් සම­රන අතර, එයට හේතුව 1966 ඔක්තෝ­බර් මස 05 වැනි දින ජාත්‍ය­න්තර කම්කරු සංවි­ධා­නය (ILO) සහ යුනෙස්කෝ එක්ව ගුරු­ව­රුන්ගේ තත්ත්වය පිළි­බඳ නිර්දේ­ශය (Recommendation concerning the Status of Teachers) නමැති ප්‍රඥ­ප්ති­යට අත්සන් තැබී­මයි. මේ ප්‍රඥ­ප්ති­යෙන් ගුරු­ව­රුන්ගේ අයි­ති­වා­සි­කම්, වග­කීම් සහ වෘත්තීය ප්‍රමි­තීන් පිළි­බ­ඳව නිර්ණා­යක සකස් කරන ලදි.

අපේ රටේ බොහෝ විට ලෝක ගුරු දින­යට සම­ගා­මීව අද (06) ගුරු දිනය සම­රයි. ගුරු­ව­රයා යනු වෘත්ති­ක­ය­කුට වඩා සමා­ජයේ වන්ද­නී­ය­ත්ව­යට සහ ගෞර­ව­යට පාත්‍ර වන චරි­ත­යකි. සෑම ප්‍රශස්ත ගුරු­ව­ර­ය­කු­ගේම අර­මුණ වන්නේ තමා තරු­වක් නම්, තම සිසුවා සූර්යයා මෙන් දීප්ති­මත්ව බබ­ළනු දැකී­මයි.