පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්යාපෘතියේ වර්තමාන ප්රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා (08), ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය සුසිල් රණසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණ.
මෙම ව්යාපෘතිය යටතේ, පහළ මල්වතු ඔය ජලාශය නිර්මාණය කිරීම මගින් උතුරු මැද පළාතේ ඉඩම් අක්කර 16,000 කට යල මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය සැපයීම, මල්වතුඔය ආශ්රිතව ගම්වතුර තත්ත්වයන් පාලනය කිරීම, විදුලි බල උත්පාදනය, සංචාරක කලාපයක් විවෘත කිරීම, ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම, සහ වන අලි කළමනාකරණය කිරීම යනා දී ප්රතිලාභ රැසක් හිමි වේ.
වසර 8කට පෙර ආරම්භ කළ මෙම ව්යාපෘතිය, මෑත කාලයේ දී නවතා දමා තිබුණු අතර, 2025 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 300ක් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
කිසිදු පුද්ගලයෙකුට අපහසුතාවයකින් තොරව ඉඩම් අත්පත් කර ගැනීම හා නැවත පදිංචි කිරීම සිදුකිරීම හා ඔවුන්ගේ ජන ජීවිතවලට බාධාවක් නොවන පරිදි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවට පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි, අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත කුමාර, සේන නායක්කාර , අනුරාධපුර ප්රාදේශීය සභා මන්ත්රී මනුෂ, දිස්ත්රික් හා ප්රදේශීය ලේකම්වරු, වාරිමාර්ග, වන සංරක්ෂණ හා පුරාවිද්යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් විය.