Friday, November 13, 2026
Follow Us
ජාතික විද්‍යා හැකතන් තරගාවලිය - 2026 සාර්ථකව අවසන්

සමාජයේ හඳුනාගත් ගැටලු සඳහා නිර්මාණශීලී හා නවෝත්පාදන විසඳුම් ඉදිරිපත් කිරීමට තරුණ පරපුරට අවස්ථාව සලසා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු 2026 ජාතික විද්‍යා හැකතන් තරගාවලියේ අවසන් තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා(11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

ජාතික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමේ තේමාව යටතේ පැවැත්වෙන 2026 ජාතික විද්‍යා සතියේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික පරිපාලන අධ්‍යනාංශය සහ ජාතික විද්‍යා පදනම එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.

සම්මාන ප්‍රදානෝත්සවය විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.