සෙට්ටිකුලම පොලිස් වසමේ ඔට්ටරාකුලම ප්‍රදේශයේදී සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (09) වැටලීමක් සිදුකර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණිම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 47 ක් වන සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සෙට්ටිකුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එසේම පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැකකරන භාණ්ඩ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මදුරන්කුලිය පොලිස් වසමේ මදුරන්කුලිය නගරයේදී මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (09) රාත්‍රියේ කාර් රථයක් පරික්ෂා කර ගලකින් නිම කරන ලද උස අඩි 1 ½ ක් පමණ වන නෙළුම් මලක් හා සුවස්ති කැටයම් සහිත පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැකකරන මංජුසාවක් තුල තිබූ මැණික් ගල් බවට සැකකරන ගල් කිහිපයක් හා වෑන් රථය සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 22, 30, 32 හා 47 වයස්වල පසුවන ගල්ගමුව හා මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.