Sunday, March 29, 2026
Follow Us
ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ ජූලි මස 4 වැනි දා සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 453 දෙනා සඳහා මෙම අයදුම්පත් කැඳවන බව අමාත්‍යාංශය සඳහන් කරයි. 

අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින දහවල් 12.00 වන දක්වා භාර ගනු ලැබේ.

නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.