මෙම වර්ෂය තුළදී මත්ස්ය පැටවුන් මිලියන 03ක් මහනුවර දිස්ත්රික්කයේ වැව් හා ජලාශ වලට මුදාහැරීමට ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ.
එම අධිකාරියේ මහනුවර දිස්ත්රික් කාර්යාලයේ මෙහෙයවීම මත මත්ස්ය ඇගිල්ලන් මුදාහැරීම සිදු කරන අතර එම පැටවුන් වික්ටෝරියා ජලාශයේ දැල් කූඩු තුළ වර්ධනය කිරීම ද සිදුවේ.
සැපයුම් කරන ආයතන වලින් කුඩා පැටවුන් ලබාදෙන අතර එම මසුන් වර්ධනය කොට ජලාශ සදහා යොමු කිරීම ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මගින් සිදුකරන බව මහනුවර දිස්ත්රික් ජලජීවී ව්යාප්ති නිලධාරී කේ.බී.ඒ.එච්.කුමාරසිංහ මහතා පැවසුවේය.
ජලාශවල මිරිදිය මත්ස්ය කර්මාන්තය දියුණු කිරීම සඳහා මෙම වැඩසටහන ක්රියාත්මක කරන අතර මහනුවර දිස්ත්රික්කයේ මත්ස්ය වගාව සඳහා අක්කර පහක පමණ වපසරියකින් යුක්ත වැවක අවශ්යතව පැන නැගී ඇති බවත් ඒ මහතා කීවේය.
එම අවශ්යතාව ඉටු වන්නේ නම් සෙසු යාබද දිස්ත්රික්ක සඳහාද මත්ස්ය පැටවුන්ගේ අවශ්යතාව සපුරාලිය හැකි යැයි ඒ මහතා තවදුරටත් පැවසූවේය.