Saturday, July 12, 2025
Follow Us
බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීමට පස් අවුරුදු සැලැස්මක්
බඩඉරිඟු කාර්යයසාධන බලකායෙන් බඩඉරිඟු සැපයුම වැඩිදියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්රියාත්මක කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඒ බඩඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් පත් කරන ලද බඩඉරිඟු කාර්යයසාධන බලකායේ පළමු තාක්ෂණික කමිටු රැස්වීම පසුගියදා (09) ගොවිජන මන්දිරයේ දී පැවති අවස්ථාවේ දීය.

මෙහි දී අදහස් දැක් වූ බඩඉරිඟු බෝග නායක බුද්ධික අබේසිංහ මහතා සඳහන් කළේ 2026 දී සත්ව ආහාර නිෂ්පාදනය සහ මිනිස් පරිභෝජනය සඳහා අවශ්ය බඩඉරිඟු ප්රමාණය මෙට්රික් ටොන් 750,000ක් බවයි.
 
එහෙත් අපේක්ෂිත බඩඉරිඟු නිෂ්පාදනය මෙට්රික් ටොන් 485,000කි.
ආනයන අවශ්යතාව මෙට්රික් ටොන් 265,000කි.
 
අඩු ඵලදායීතාවය, ගුණාත්මකභාවය පවත්වා ගැනීමේ අඩුපාඩු, අලෙවි මිල අස්ථාවර වීම, ආනයනික බඩඉරිඟු අඩු මිලට ලබා ගත හැකි වීම, කුකුළු ආහාර කර්මාන්තකරුවන් සහ වගකිව යුතු පාර්ශ්ව අතර සම්බන්ධීකරණයක් නොමැති වීම බඩඉරිඟු වගාවේ ගැටලු වශයෙන් මෙහි දී පෙන්වා දී තිබේ.
 
බඩඉරිඟු සැපයුම වැඩි දියුණු කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කිරීම ගැටලු මඟහරවා ගැනීමට කළ සුවිශේෂී යෝජනාවකි.
 
එහි දී තාක්ෂණික පැකේජයක් හඳුන්වා දීම, නිෂ්පාදන පිරිවැය අවම කිරීමට නව යන්ත්ර හඳුන්වා දීම, දේශීය දෙමුහුන් බීජ හඳුන්වා දීම, නිසි අස්වනු නෙලීම සහ පසු අස්වනු හානිය අවම කිරීමට කටයුතු කිරීම සිදු කළ යුතුව ඇත.