Wednesday, May 13, 2026
Follow Us
අධිවේගි මාර්ගවල ගමන් කරන රියදුරන්ට දැනුම්දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවන කිරීමේදී විද්යුත් පුවරුවල සදහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.
 
අයහපත් කාලගුණය හේතුවෙන් දහවල් කාලයේද අඳුරු සහ මීදුම් තත්වයක් පවතින හෙයින් වාහනවල ඉරිදිපස පහන් දල්වා ධාවනය කරන ලෙසත්, පැයට කිලෝමීටර 60 ක සීමාවේ ගමන් කරන ලෙස ද වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.