Wednesday, May 13, 2026
Follow Us
මි.මී.200 ඉක්මවූ වැසි වාර්තා වෙයි

අද උදෑසන 6.41 වනවිට සමහර ප්‍රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

බස්නාහිර සබරගමුව පළාත් හා පුත්තලම හා ගාල්ල දිස්ත්‍රික්කවලත් අධික වර්ෂාවක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය. 

නායයාම් පිළිබඳව, අනාරක්ෂිත ප්‍රදේශවල දියනෑම, අකුණුවලින් ආරක්ෂාවීම යනාදිය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.