දේශීය ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය සවිබල ගන්වමින් ප්රජා සෞඛ්ය වෛද්ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම් ප්රදානය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් අද (03) කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාර පරිශ්රයේ (නිල මැදුර) දී සිදු කෙරිණි.
 
මෙහිදී අමාත්යවරයා ප්රකාශ කරන ලද්දේ පසුගිය වසරවල විවිධ අකාරයට එක් එක් අවශ්යතාවයන් මත රාජ්ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්ය සේවක ප්රමාණය අවශ්ය ප්රමාණයට වඩා විශාලව තිබූ බවත්, වත්මන් රජය රාජ්ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්රමවේදයක් සකස් කළ බවයි.
ඒ අනුව සමස්තයක් ලෙස රජය රාජ්ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බව ද එයින් සෞඛ්ය අමාත්යාංශයට පමණක් 9,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඉන් 7,000 කට ආසන්න සංඛ්යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව ද ඒ අතර පසුගිය මාස 06 තුළ හෙද නිලධාරින් සහ නිලධාරිනියන් 4,141 ක් රාජ්ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය.
2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්ය ක්ෂේත්රය සඳහා විශාලතම වෛද්ය නිලධාරීන් සංඛ්යාවක් එකවර බඳවා ගැනීම අද දින සිදු වූ අතර, මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්රී ලංකා ආයුර්වේද වෛද්ය සේවයේ ප්රාථමික ශ්රේණියේ වෛද්ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛ්යාව සැලකිල්ලට ගනිමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයූතු යොදනු ලැබිය.
2018 වසරෙන් පසු ගෙවුණු කාලපරිච්ඡේදය තුළ උපාධිධාරීන් බඳවා ගෙන තිබුණේ ඉතා සීමිති පිරිසක් බව සඳහන් කළ අමාත්යවරයා දීර්ඝ කාලයක් බඳවා ගැනීම් සිදු නොවීමෙන් ගැටලු රැසක් උද්ගතව පැවති බව ද එහෙත් පවතින පරිපාලන ගැටලු සහ පැරණි ක්රමවේදයන්හි තිබෙන අඩුපාඩු නිසා පත්වීම් ලබාදීමට මාස 08 ක පමණ කාලයක් ගත වූ බව ද පැවැසීය. තවත් උපාධිධාරීන් 2000 ක පමණ පිරිසක් රාජ්ය සේවයට ඇතුළත්වීමට බලාපොරෝත්තුව සිටින බවත් එම පිරිස බඳවා ගැනීම ඉතා ක්රමාණුකූලව සිදු කළ යුතු බව ද පැවසීය.
වර්තමාන රජය භාරගනු ලැබුවේ ඉතා සුමුදු සුවපහසු රටකත් නොවන බව පැවසු අමත්යවරයා එබැවින් ආර්ථික ශක්තිමත් වීම මත පමණක් අනෙකුත් කටයුතු සඳහා මුදල් වෙන් කිරීමට සිදුවන බව ද රාජ්ය ආදායම් ඉලක්ක තබාගෙන සියලු කටයුතු සැලසුම් කළ යුතු බව ද සඳහන් කළේ ය.
බිඳවැටී ඇති රාජ්ය යාන්ත්රණයත්, නවීනත්වය එකතු නොවූ යාවත්කාලීන නොවූ ආයුර්වේදයත් ගොඩනැඟීම සඳහා තරුණ ජවයක් අවශ්ය බවත්, එමෙන්ම මේ රට ගොඩනඟන්න රටට ආදරේ කරන බුද්ධිමත් ක්රියාශීලි පිරිසකගේ අවශ්යතාවය පවතින බව ද මෙම බඳවා ගැනීම් තුළින් එම අරමුණු ඉටුවනු ඇති බව ද පෙන්වා දුන්නේය.
ආයුර්වේද රෝහල් පද්ධතියත් ප්රාථමික සෞඛ්ය සේවයත් යුගයේ අවශ්යතා වලට ගැළපෙන පරිදි නව දැනුම සහ තාක්ෂණය එකතු කර ගනිමින් දියුණු කිරීම සඳහා රජය ප්රතිපත්ති ප්රකාශනය මගින් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙන බව ද , “සුවපත් රටක් සඳහා” යන තේමාව යටතේ එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා පත්වීම්ලාභී සියලු දෙනාගේ සහයෝගය අවශ්ය බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
දිවයින තුළ පිහිටි මධ්යම රජයේ ආයුර්වේද රෝහල් සහ පළාත් සභා ආයුර්වේද රෝහල් තුළ ආයුර්වේද විශේෂඥ වෛද්යවරුන්ගේ හා පුහුණු, පළපුරුදු ආයුර්වේද වෛද්යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම පත්වීම්ලාභීන් වසරක කාලයක් පරිපූර්ණ පුහුණුවක් ලබා දී ඇත.
මෙම බඳවා ගන්නා වෛද්ය නිලධාරින් රේඛීය අමාත්යාංශය සහ පළාත් සභා යටතේ ක්රියාත්මක වන ආයතන සහ රෝහල් සඳහාත්, පළාත් පාලන ආයතන කිහිපයක ආයතන වෙතත් යොමු කිරීමට ද නියමිතය.
ශ්රී ලංකාව තුළ පැතිර යන බෝවන හා බෝ නොවන රෝග මෙන්ම වසංගත තත්ත්වයන් පාලනය කිරීමට සහ වකුගඩු රෝගී තත්ත්වයන් බහුලව ව්යාප්ත වී ඇති ප්රදේශ ආවරණය වන පරිදි මෙම ආයුර්වේද වෛද්යවරුන්ගේ සේවාව ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.