ශ්‍රී ලංකා රේගුවේ ඉදිරි ඉලක්කයන් සහ තාක්ෂණික වැඩිදියුණු කිරීම් යනාදිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අවධානය යොමු වී තිබේ.
ඒ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී ය.
රේගුව මගින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඉදිරියේදී එය හඳුන්වාදීමට නියමිත බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ.
කාරක සභාව පෙන්වා දුන්නේ එය අනෙකුත් රාජ්‍ය ආයතන සඳහාත් වැදගත් පූර්වාදර්ශයක් බවයි.
.