Sunday, November 02, 2025
Follow Us
කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය අද

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ( 02 ) පස්වරු 3 ට නවි මුම්බායි ( NAVI MUMBAI ) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය . මෙම අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ය.

කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයේ තම ස්ථානය හිමි කරගත්තේය.

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය හිමි කරගත්තේය.