Monday, January 12, 2026
Follow Us
ගැහැණියකට ඕනි

ගැහැණියකට ඕනි,
තමන් වෙනුවෙන් කාලය තියන පිරිමියෙක්.


තමන්ගෙ සතුට
ජීවිතේ සැනසීම කරගත්තු පිරිමියෙක්.
ගැහැණියකට ඕනි,
තමන්ව තනි නොකර
ඕනිම තැන්වල ලග ඉන්න පිරිමියෙක්.
තමන්ව හිර නොකර
අවබෝධයෙන් නිදහස් කරන්න පුළුවන් පිරිමියෙක්.
ගැහැණියකට ඕනි,
තමන් වෙනුවෙන් වගකීම් ගන්න පිරිමියෙක්.
තමන්ට බරක් නොවී
වාරුවක් වෙන්න ඕනි පිරිමියෙක්.
ගැහැණිකට ඕනි,
පිරිමියෙක්.
වචනයේ පරිසමාප්තයෙන්ම පිරිමියෙක් ??