Friday, February 06, 2026
Follow Us
හමුදාවේ 3750කට උසස්වීම්
14වැනි ජාතික රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදාවේ සහ නාවික හමුදාවේ 3,750 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. 
 
සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම උසස්වීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 
 
ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවේ නිලධාරින් 402 දෙනෙකු සහ සෙසුනිලයන් 3348 දෙනෙකු වෙත ඔවුන්ගේ මීලඟ නිලයට උසස්වීම් ලබාදී ඇත.