Friday, February 06, 2026
Follow Us
පොළොන්නරුවේ ගොවින්ට වවුචර්වලට යූරියා
පොළොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට හෙට(13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
 
පොළොන්නරුවේ ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත්වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයෝ  මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර ඇත.
 
එම වවුචර්පත්වලට යුරියා පොහොර හෙට සිට මිල දී ගත හැකි වන පරිදි පොලොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි ලංකා පොහොර සමාගම හා කොමර්ශල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.
 
මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම අද (12) පස්වරුවේ සිට ආරම්භ කෙරේ. ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබීණි. වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries)  විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.