Friday, February 06, 2026
Follow Us
විශේෂ  පාරම්පරික වෛද්‍යවරුන් 105ට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය
 
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (12) නාවින්න, දේශීය වෛද්ය ක්රම පිළිබඳ ජාතික ආයතන ශ්රවණාගාරයේදී සිදු කෙරිණ.

 

එහිදී සර්වාංග වෛද්ය 29, කැඩුම් බිඳුම් වෛද්ය 47, චර්ම රෝග වෛද්ය 07, සර්ප විෂ වෛද්ය 15, ගෙඩිවණ වෛද්ය 04, මානසික රෝග වෛද්ය 02 හා අක්ෂි රෝග වෛද්ය 01 ලෙස සුදුසුකම් ලත් පාරම්පරික වෛද්යවරුන් 105 දෙනෙකු සදහා මෙසේ ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය පිරිනැමිණ.
දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්ය ක්රම රැක ගනිමින් මතු පරපුර වෙත දායාද කරලීමේ අරමුණින් මෙම ලියාපදිංචිය ලබා දීම සිදු කෙරිණි