පශු වෛද්‍ය නිලධාරීන්ගේ නොවිසඳුනු රාජකාරි ගැටලු සුදුසු ක්‍රියාමාර්ග ගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යංශ ලේකම්ට උපදෙස් දුන්නාය.
2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
ප්‍රමාද වූ සියලු විභාග 2024 දී අවසන් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැඳුනුම්පතක්.
කලා උපාධිධාරීන් සඳහා සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්.
ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) සිදු කෙරිණි.
ලබන වසර වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කරමින් විසි එක්වන සියවසට ගැළපෙන සිසුවා නිර්මාණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඕනෑම පුද්ගලයෙකුට 1315.lk ජංගම දුරකථන යෙදුම ඔස්සේ ලංගම බස් සේවා ආසන වෙන්කරවා ගතහැකි බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා නිලධාරීන් 6 දෙනෙකු පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් ආනයනය , අපනයනය , විකිණීම , සැපයීම හෝ බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අද ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
2024 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.
2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.
නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ 07වන කණ්ඩායම බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දූෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා
Page 73 of 647