Thursday, February 05, 2026
Follow Us
2024 සිට සියලු විභාග නියමිත කාලයට

2024 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඇතුළු සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග නියමිත කාලයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.