Thursday, February 05, 2026
Follow Us
ඖෂධ ගැටලුව ගැන සොයාබැලීමට නව කමිටුවක්

ඖෂධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් එහි සභාපතීත්වය දරණ අතර මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, ආචාර්ය සෙනිත ලියනගේ, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස්. එස්. පී වර්ණකුලසූරිය සහ ආචාර්ය ෆිලිප් එච්.ලී එහි සාමාජිකයන් වෙයි.
පසු ගිය දින කිහිපයේම එන්නත් ලබාදීමෙන් අනතුරුව සිදු වූ සැකකටයුතු මරණ සහ අසාත්මිකතා පිළිබඳ සිද්ධි කිහිපයක් රජයේ රෝහල්වලින් වාර්තා වී තිබුණි.