Friday, September 25, 2026
Follow Us
State
  • සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක්.
  • වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර -ජනපති මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වෙමින් කියයි.
  • ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනපති දරන ප්‍රයත්නයට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය.

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2023 උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 1 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරේ.

State

නැගෙනහිර පළාතේ බලශක්ති අංශයේ සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සමඟ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි. 

State

කාලක සිට දුම්රිය ධාවනය නොකර අබලන් තත්ත්වයේ පවතින අනුරාධපුර සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ කෙරිණි.

State

අද (09) උදෑසන සිදුවු දුම්රිය අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබු අතර මේ වනවිට එහි ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනයට විවෘත කර තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ, අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 12ක් ගාල් කර ඇති බැවින් ඒවා එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සලස්වන බවයි.

කෙසේ වෙතත් දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

අනෙක් මාර්ගයේ පවතින අවහිරතා ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවේ.

පොල්ගහවෙල සිට රත්මලාන දක්වා ධාවනය වූ “පවුසි” නමින් හැඳින්වෙන දුම්රිය, මීරිගම සහ විල්වත්ත අතර ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයකදී උදෑසන 5.55 ට පමණ අනතුරට ලක්විය. ඒ, ධාවනය වූ එම දුම්රියේ කන්ටේනර් රථයක් ගැටීමෙනි. මේ හේතුවෙන් එම ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පැය කිහිපයන් සම්පූර්ණයෙන්ම නතර විය.

State

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන අතර, දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට ඉදි කරන ලද බණ්ඩාරවෙළ කහත්තේවෙල අර්තාපල් තීරු (French Fries) සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගියදා එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළේය. කහත්තේවෙල ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරන තිබේ.

State

පැරිස් නුවර පැවති 2022 යුනෙස්කෝ සමුළුවේ ප්‍රධාන තේමාව වූයේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම හෙවත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පදනම් කරගත් අධ්‍යාපනයක් බවට පත්කිරීම බවත් ඊට අනුගතව 2030 වන විට මෙරට අධ්‍යාපනය ද සකස් විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසූවේ පාර්ලිමේන්තුවේ සැසිවාරකදී අදහස් දක්වමිනි.

State

සිවිල් ආරක්ෂ්ක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල පත්කර තිබේ.

State
  • ජාතික ක්‍රීඩා සභාව මගින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලු රැසකට ප්‍රායෝගික විසඳුම් ලැබී තිබෙනවා – තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා.

ක්‍රීඩාවේ ප්‍රවීණතාව සමඟ උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා දෙමින් යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලයේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙන බව තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

State

වින්ඩ්ෆොස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මගින් මන්නාරම ප්‍රදේශයේ ඉදි කරන ලද මෙගා වොට් 15ක සුළං බලාගාරය විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

State

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතේ තිබෙන වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර සැකසුම් මධ්‍යස්ථානයේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමේ කටයුතු පසුගියදා(11) ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් එම කටයුතු ආරම්භ වූ අතර එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ. එච්. එම්. මුසම්මිල්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශණ දෙනිපිටිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම මධ්‍යස්ථානයේ සකසනු ලබන ඝන කාබනික පොහොර මාසිකව මෙට්‍රික් ටොන් 5000ක් බැගින් අපනයනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම පොහොරවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඩුබායි හි ඉදි කෙරෙමින් තිබෙන වගා ව්‍යාපෘතියක් සඳහා සපයනු ලබයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහි නිෂ්පාදන කටයුතු නිරීක්ෂණයට ලක් කළ අතර එම කාබනික පොහොර යොදා සකස් කළ ආරක්ෂිත කුටිවල වගා කරන ලද සාර්ථක එළවළු වගාව හා ගස්ලබු වගාව ද පරීක්ෂා කළේය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්මාන්තය සියයට සියයක් කාබනික පොහොර යොදා සිදු කිරීමට ගත් තීරණය නිසා මෙරට කෘෂිකාර්මික අංශය මුළුමනින්ම බිද වැටුනු බව සදහන් කළේය.

එමෙන්ම මේ වනවිට සියයට 100ක්ම නැවතත් රසායනික පොහොර යෙදීමට ගොවීන් පෙළඹී තිබුනත් රසායනික පොහොර යෙදීමෙන් සිදුවන සෞඛ්‍යමය ගැටළු සම්බන්ධව විශාල කථිකාවතක් මින් පෙර විද්වතුන් විසින් රට පුරා දියත් කළ බව ද සඳහන් කළේය. නමුත් කාබනික ගොවිතැන සියයට සියයක්ම ක්‍රියාත්මක කිරීමට යාමෙන් අත්වූ නරක ප්‍රතිපල නිසා ඔවුන්ද දැන් ඒ සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන්නේ නැත.

කෙසේ වුවද ගොවිතැනින් සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිර්දේශිත ප්‍රමාණයන් අනුව යෙදීම මගින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට මෙන්ම ආහාරවල ගුණාත්මකභාවයටත් හේතුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පර්යේෂණ මගින් සනාථ වී තිබේ.

බතලගොඩ වී අභිජනන මධ්‍යස්ථානය විසින් කළ පරීක්ෂණ අනුව වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ කාබනික හා රසායනික පොහොර දෙවර්ගයම නිසි නිර්දේශ්‍ය අනුව භාවිතා කිරීමෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 
 
State
  • කෘෂි නවීකරණය සඳහා කාර්ය සාධක බලකායක්.

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීම හරහා මෙරට කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State
  • විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට.
  • ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS සහ E- ticketing පහසුකමට මුල් තැන.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

State
  • සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් – සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු 

ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව පුළුල් අධ්‍යයනයකින් පසු සකස් කළ එම ප්‍රතිපත්තිය මේ වන විට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබෙන බවත්, එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉදිරි සති දෙක තුළ රටට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

State

2023 සිට 2030 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැලසුම සම්බන්ධයෙන්වූ විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.

State
  • දේශපාලන වුවමනාවන් මත ගෙන යන ප්‍රචාරයන්ට හසු වන්න එපා – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර.

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.