Thursday, February 05, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවා දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

අංශ කිහිපයක අත්‍යාවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කිරීම දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල යටතේය.

ඒ අනුව විදුලිය සැපයීමට සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් පත්‍රයේ සඳහන් වෙයි

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම, රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක්, සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රමය, සමාන ආයතන අත්‍යවශ්‍ය සේවා බව ද ගැසට් පත්‍රයේ සඳහන් වේ.