Thursday, February 05, 2026
Follow Us
සියඹලාණ්ඩුව සූර්ය පැනල ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමේ

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ටෙන්ඩර් කැඳවන ලද සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල මගින් විදුලි උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පසුගියදා (16) සිදු කෙරිණි.

දේශීය ආයෝජක සමුහයක් ලෙස ලක්දනවි ලිමිටඩ් සමාගම, වින්ඩ් ෆෝස් සමාගම සහ බ්ලූ සර්කල් පුද්ගලික සමාගම ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කරනු ලබන මෙම ව්‍යපෘතිය 2025 වසර අගදී අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.