Friday, February 06, 2026
Follow Us
State

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.

State

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තොම්බර් මස 15 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

1864 අංක 13 දරන පාන් ආඥාපනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

State

- ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට
කටයුතු කරනවා

- 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රජයේ අරමුණයි

-ජනපති පවසයි

State
  • ඩෙංගු ව්‍යාප්තිය පාලනයට සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරිම වැදගත්.
  • වත්මන් තත්ත්වය රෝග වාහකයා සහ වෛරස් ප්‍රමාණය පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු අවස්ථාවක් – ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පෙන්වා දෙයි.

ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පැවසුවාය.

State

‍ෙඅනිද්දා සිට (15) යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ.

State

2022 (2023) අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන් හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

State

ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

State
 
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචිය ලබා දීම දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (12) නාවින්න, දේශීය වෛද්ය ක්රම පිළිබඳ ජාතික ආයතන ශ්රවණාගාරයේදී සිදු කෙරිණ.
State

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.

State

මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් වෙන් කර ඇති වැඩිම මුදල ඉදිරි වසර තුන සඳහා ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

State
පොළොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත්වලට හෙට(13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
State

ජනාධිපති ලේකම්වරයා පුරාවිද්‍යා චක්‍රවර්ති ආචාර්ය පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කරයි

State

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි  ක්‍රම වේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා 

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකි වන සේ මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

එසේ මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්හට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදුකල හැකිය.

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ නිකුත් කිරීම  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15)  හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව ටිරාන් අලස් මහතා පවසයි.

නව වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බව ද ඔවුන් කියා සිටී.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන බවත් මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙන බවත් ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහත සඳහන් පරිදි වේ.

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර

සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර

නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

බදුල්ල

මහියංගනය, හපුතලේ

මඩකලපුව

කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

කොළඹ

සීතාවක, හෝමාගම

ගාල්ල

කරන්දෙනිය, අක්මීමන, නෙළුව

ගම්පහ

මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට

තංගල්ල, තිස්සමහාරාමය

යාපනය

චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර

ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර

ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල

ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චිය

කරච්චි

කුරුණෑගල

පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය 

මන්නාරම

මන්තායි බටහිර

මාතලේ

නාවුල

මාතර

අතුරලිය, දෙවිනුවර

මොනරාගල

බුත්තල

මුලතිව්

මුලතිව්

නුවරඑළිය

අඹගමුව, වලපනේ

පොලොන්නරුව

ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම

පුත්තලම, හලාවත

රත්නපුර

බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය

කින්නියා

වව්නියාව

වෙංගලසෙට්ටිකුලම

State

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

State

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

State

භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට ලබන 16 නව පත්වීම් ලබා දෙන අතර ම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

State

මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.