Thursday, February 05, 2026
Follow Us
විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමු කිරීම සැප්තැම්බර් 14 වන දා සිට

2022 අ.පො. ස උසස් පෙල ප්‍රතිඵල මත 2022/23 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමුකිරීම සැප්තැම්බර් 14 වන දා සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එසේම විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමට අදාළ ශිෂ්‍ය අත්පොත මේ වන විටත් නිකුත් කර ඇති අතර ලියාපදිංචි පොත්සැල්වලින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයෙන් , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් (https://eugc.ac.lk/ugc_handbook/) ලබා ගත හැක.

මෙහිදී සති 03ක කාලයක් අයදුම්පත් යොමුකිරීමට අවස්ථාව ලබාදෙන බවත් මෙවර සිසුුන් 45,000ක් පමණ බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.