Thursday, February 05, 2026
Follow Us
තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. 

මේ සම්බන්ධයෙන් තැපැල්පති එස්.ආර්.ඩබ්ලියු.එම්. ආර්.පී කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළේ වංචාකරුවන්ට හසු නොවන ලෙසය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හා සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් අනාවරණ වූ බවයි නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. 

ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපිනය ද වංචනිකව අවභාවිත කර ඇති බව තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.