දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ලබන වසරේ සිට බිත්තර සහ කුකුළු මස් මිල පහළ යා හැකි අතර යළි මිල ඉහළ යාමක් සිදු නොවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අද (12) පැවසීය.
අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජයවර්ධනගේ අත්සනින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
හරිතාගාර වගාව හෙවත් Poly Tunnel තුළ එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සදහා රජය විසින් රුපියල් මිලියන 500ක මුදලක් මෙම වසර සඳහා ලබා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ්. ඩී. එස්. ගුණසිංහ මහතා වෙත දන්වා තිබේ.
කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය අංගනයේ තාක්ෂණික නිළධාරීන් හා එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
පොල්පිතිගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද(16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
රටේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳව දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට ලැබෙන 9%ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙරට අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබේ.
Page 65 of 647